තල්මස් පැටියා බේරාගත්තාට ඩොලර් විසිහත්දහසක් දඩ ගහලා
Thursday, 21 May 2020 - 9:10 | Views - 1,017
ඕස්ටේරලියාවේ වෙරල ආසන්නයේ දැලක පැටලී සිටි කුඩා තල්මස් පැටියෙකු බේරා ගැනීම සඳහා එම දැල් කපා දැමූ ඕස්ටේරලියානු ජාතිකයෙකුට ඕස්ටේරලියානු බලධාරීන් විසින් ඩොලර් විසි හත් දහසක දඩයක් නියම කර තිබේ.
මෙම දැල් සවිකර ඇත්තේ මිනී මොරුන්ගෙන් මහජනතාවට සිදුවන අනතුරු අවම කිරීම සඳහාය.
අදාල තල්මසා දැලේ පැටලී සිටිනු දැක ඇති මේ පුද්ගලයා අදාල සිද්ධිය ඕස්ටේරලියානු පොලීසිය වෙත දුරකතනයෙන් දැනුම් දී තිබේ.
එහෙත් පැය දෙකක් ගත වන තුරුත් පොලීසිය හෝ වෙරළාරක්ෂක බලධාරීන් කිසිවකුත් පැමිණ නැත. පසුව මෙම තැනැත්තා එම ස්ථානය වෙත පිහිනා ගෙන ගොස් දැලේ පැටලී සිටි තල්මස් පැටියා බේරා ගෙන ඇත්තේ දැල් කොටසක් කපා දමමිනි.
නැවත ගොඩබිමට පැමිණෙද්දී වෙරළාරක්ෂක නිලධාරීන් එහි පැමිණි අතර අදාළ දැල් කපා දැමීම වරදක් ලෙස පවසා ඇති ඔවුන් මොහුට ඩොලර් විසිහත්දහසක දඩයක් නියම කර තිබේ. කෙසේ වෙතත් ඔහු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
Share This Article