5000 දීමනාව, ආණ්ඩුවේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමක් බවට ලැබෙන පැමිණිලි වැඩිවන බව මැතිවරණ කොමිසම කියයි
Thursday, 21 May 2020 - 8:19 | Views - 885
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට ලබාදෙන රුපියල් 5000 දීමනාව ආණ්ඩුවේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමක් බවට ලැබෙන පැමිණිලි වැඩිවෙමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, මෙම ව්‍යාපෘතියට සම්බන්ධව සිටින ප්‍රා දේශීය සහ ග්‍රාමීය දේශපාලනඥයින් ඉන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපති, අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු තවත් ලේකම්වරුන් පිරිසකට ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම ඉල්ලා සිටින්නේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට රජය විසින් ලබාදුන් රුපියල් 5000 මූල්‍යාධාර ව්‍යාපෘතිය ආණ්ඩුවේ දේශපාලනය ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබීමේ ප්‍රවනතාව වැඩිවෙමින් පවතින බව මෙම ලිපියේ සදහන්.

ඒ හේතුවෙන් මෙම මුල්‍ය ආධාර ලබාදීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ, අපේක්ෂක ප්‍රවර්ධනයන් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස අදාළ සියලුම නිලධාරින් වෙත මෙම ලිපියෙන් දැනුවත්කර තිබෙනවා.

වසංගත තත්වය පාලනය වී රට සාමාන්‍ය තත්වයට පැමිණ එදිනෙදා කටයුතු ඉටුකරගත හැකි තත්වයක් පවතීනම් ලබන ජුනි මාසයේදී ද මෙම ආධාර ලබාදීමේ සැබෑ අවශ්‍යතාවයක් තිබේදැයි විමසන අදාළ ලිපිය මගින් දක්වා ඇත්තේ එසේ කරන්නේ නම් එය ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනය වීම අවශ්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති උත්සවයකින් අනතුරුව අදහස් පලකළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top