කොරෝනා රෝග වසංගත සමයේ තරුණයෙකු මෝටර් රථයක් නිපදවයි
Thursday, 21 May 2020 - 8:08 | Views - 657
පවතින කොරෝනා රෝග වසංගත සමයේ පැවති නිවාඩුව උපයෝගි කර ගනිමින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණයෙකු ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන මෝටර් රථයක් නිපදවා තිබෙනවා.

කිලිනොච්චිය,කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පරන්තන් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන අරුල්දාස් රොෂාන් නමැති තරුණයා එලෙස මෝටර් රථයක් නිපදවා තිබෙනවා.

ත්‍රිරෝද රථ මගින් ඉවතලන ද්‍රව්‍ය හා තවත් ද්‍රව්‍ය යොදා ගනිමින් රොෂාන් තරුණයා මෝටර් රථය නිපදවා තිබු අතර, රොෂාන් තරුණයා පැවසූවේ නිපදවන ලද මෝටර් රථය පැයට කිලෝමීටර 60 ක වේගයෙන් ධාවනය කළ හැකි බවයි.

කිලෝග්රැම් 500 ක බරකට ඔරොත්තුදෙන ලෙසට මෝටර් රථය වැඩිදියුණු කළ හැකි අතර, මෝටර් රථය නිපදවීමේ සියළු කටයුතු තමන් විසින් සිදුකළ බවද හෙතෙම පැවසුවා.

මෝටර් රථයේ විදුලි පරිපථ සකස් කිරීම හා නිපැයුමේ භාහිර අලංකාර කටයුතු වෙනුවෙන් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැටළුවක් වි පවතින අතර, අදාළ අමුද්‍රව්‍ය ලබාගැනීමට කිසිවෙක් උපකාරයක් කරන්නේ නම් අඩු වියදමකින් මෝටර් රථය නිෂ්පාදනය කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

රොෂාන් තරුණයා නිපදවන ලද මෝටර් රථය නිරීක්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් ටි.බ්‍රින්දාකරන් එක්වු අතර, ප්‍රා‍දේශීය ලේකම්වරයා පැවසූවේ අදාළ හැකියාව සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැනුවත් කොට තරුණයාගේ හැකියාවට වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top