කොළඹ නගරයේ වීදිවල වාහන නැවතුම් ගාස්තු අය කිරීම අද සිට
Thursday, 21 May 2020 - 8:07 | Views - 446
කොළඹ නගරයේ වීදිවල වාහන නැවතුම් ගාස්තු යළිත් අද (21) සිට අය කෙරෙන බව කොළඹ මහ නගර සභාව පවසනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේයි ගාස්තු අය කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුනේ.
කෙසේවෙතත් රට යථා තත්වයට පත් කිරීමත් සමග වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත ආරම්භ කරන බවයි කොළඹ මහ නගර සභාව මහජනතාවට දැනුම්දෙන්නේ.
ඒ අනුව මෝටර් රථ වෑන් සහ කැබ් රථ සඳහා පැයකට අය කෙරෙන ගාස්තුව රුපියල් 50ක්.
යතුරුපැදි සහ ත්‍රී රෝද රථ පැයක කාලයක් නතර කර තැබීම වෙනුවෙන් රුපියල් 20ක් අය කෙරෙනු ඇති.
බස් සහ ලොරි රථ සඳහා රුපියල් 70ක මුදලක් අය කෙරෙනවා.
Share This Article