‘‘අම්ෆන්’’ ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ 15 කට මරු කැඳවයි - ලක්ෂ 30 ක් ආරක්ෂිත ස්ථානවලට
Thursday, 21 May 2020 - 8:02 | Views - 748
අම්ෆන් සුළි කුණාටුව නිසා ඇතිවූ අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවලට ලක්ව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මිලියන 3 කට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි. ඉන් වැඩි පිරිසක් බංග්ලාදේශ වැසියන් වනවා. සුළි කුණාටුවේ බලපෑමෙන් බටහිර බෙංගාලයේ කොල්කටා නගරයට දැඩි හානි සිදුව තිබෙනවා.

1999 වසරෙන් පසුව බෙංගාල බොක්කේ වර්ධනය වූ ප්‍රචන්ඩතම සුළි කුණාටුව මෙය වන අතර, එහි  බලපෑම මේ වනවිට අඩුවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර, පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළද අද දිනයේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම පුත්තලම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම නිසා ධීවර කටයුතුවලට ගොස් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ ධීවර යාත්‍රා 30 මේ වනවිට ශ්‍රී ලංකාව දෙසට නිරුපද්‍රිතව පැමිණෙමින් සිටින බව වාර්තාවනවා.

ඔවුන්ගේ සහය සඳහා නාවික හමුදා යාත්‍රාවක්ද අද අලූයම පිටත්ව ගියා. මෙම යාත්‍රා තිහේ රැඳී සිටින 180 කට ආසන්න ධීවරයින් හම්බන්තොට සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මුහුදු ගිය අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර නිරිත දිග මෝසම ඉදිරියේදී සක්‍රිය වුවහොත් ධීවරයින් ඒ පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රධාන ගුවන් විදුලි නිලධාරි පද්මප්‍රිය තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ආරක්ෂිත කබා සහ ගුවන් විදුලි සන්නිවේදන උපකරණ ළග තබා ගැනීමට ධීවරයින් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම දිස්ත්‍රික්ක 10 ක් සදහා පනවා තිබූ නායයාමේ අවදානම අද පස්වරු 2.30 දක්වා යළි දීර්ඝ කරනු ලැබුවා. මේ අනුව, ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජිවත් වන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ. මීට අමතරව,  කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද මෙම නායයාමේ අවදානම යළි දීර්ඝ කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top