දිස්ත්රික්ක 10ක නායයාමේ අවදානම යළි දිගු කෙරේ
Wednesday, 20 May 2020 - 16:21 | Views - 605
දිස්ත්රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයාමේ අවදානම හෙට පස්වරු 2.30 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
මේ අනුව, ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, යන දිස්ත්රික්කවල අවදානම් සහිත ප්රදේශවල ජිවත් වන ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.
මීට අමතරව, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලට ද මෙම නායයාමේ අවදානම යළි දීර්ඝ කර තිබෙනවා.
Share This Article