කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර ගැන පරීක්ෂණ
Wednesday, 20 May 2020 - 14:11 | Views - 2,054
දැනට මෙරටින් වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තාවන නාවික හමුදා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.

ඊයේ අවසන් වරට වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව අලූතින් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් හතරදෙනෙකු හමුවී ඇති අතර, ඒ අනුව පසුගිය පැය 24 තුළ වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 35 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මොවුන් සියලූදෙනා නාවික හමුදා සාමාජිකයින්. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් හිරු ටී වී ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ පසුගිය දින විස්ස තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බවයි.

කොළඹ මැනිං පොදු වෙළඳපොලේ වෙළඳුන්, නාට්ටාමිවරුන් ඇතුලූ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට අදාළ සාම්පල ලබාගැනීම අද පෙරවරුවේ සිට සිදු කෙරෙනවා.

ඒ, කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරීන් විසින්. එහිදී පුද්ගලයින් 100 දෙනෙකුගේ පමණ ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකරන බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ.

මේ අතර අවදානමක් නොමැති දිස්ත්‍රික්ක සහ පළාත් අතර මගී බස් රථ ධාවනය අද ආරම්භ කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමෙන් මෙලෙස ගමන් කිරීමට හැකිවන්නේ අත්‍යාවශ්‍ය කාරණාවලට පමණයි.

 කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය එක් කර නොතිබූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම කළින් ආසන වෙන් කරගැනීමකින් තොරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින්ට සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වා දුම්රියේ ගමන් කිරීමේ හැකියාව අද සිට ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් මීට පෙර දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාගත් පුද්ගලයින් දුම්රියේ ගමන් කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි  දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top