ජුනි 20 මැතිවරණය පැවැත්වෙනවාද? මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකණයට කළ දැනුම්දීම
Wednesday, 20 May 2020 - 13:22 | Views - 985
පවතින තත්ත්වය හමුවේ ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවට නිරීක්ෂණය කර ඇතැයි මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 පැවැත්වීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් අද තුන්වන දිනටත් සළකා බැලූ අවස්ථාවේදියි.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මේ බව දැනුම් දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
Share This Article