අම්ෆන් සුළි කුණාටුව ඉන්දියාව සහ බංග්ලාදේශය දෙසට
Wednesday, 20 May 2020 - 12:34 | Views - 544
අම්ෆන් සුළි කුණාටුව මේ වනවිට බෙංගාල බොක්ක හරහා ඉන්දියාව සහ බංග්ලාදේශය දෙසට ගමන් කරමින් සිටින නිසා බංග්ලාදේශයේ මිලියන 2 කට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන 12,078 ක් වෙත යොමුකර තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ලක්ෂ 3 කට අධික පිරිසක් ද ඉවත් කර ඇති බවයි වාර්තාවන්නේ.
සුළි කුණාටුවේ බලපෑමෙන් බෙංගාලයේ ඇතැම් ප්රදේශවලට මේ වනවිට දැඩි සුළං සමඟ වර්ෂාවක්ද පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.
Share This Article