රටට අවශ්‍ය නම් කෘත්‍රීම පාද සමග වුවත් යළි හමුදා සේවයට එන්න සුදානම් රණවිරුවකුගේ කතාව
Wednesday, 20 May 2020 - 10:09 | Views - 583
30 වසරක් පුරා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කළ විජයග්‍රහණයේ අභිමානවත් 11 වන රණවිරු සැමරුම ඊයේ පැවැත්වුනා.
මෙලෙස රටම එක්ව රණවිරුවන් සමරන අතරේ යුද හමුදාවට එක්ව රටත් ජාතියත් වෙනුවෙන් තම දෙපා පරිත්‍යාග කළ රණවිරුවෙක් කියූ අභිමානවත් කතාවක් අපට ඇහෙන්නේ මාතරින්.
1996 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ කෝප්රල් ජී පුංචිහේවා නම් මේ අභීත රණවිරුවාගේ දෙපා අහිමිව මේ වනවිට ආබාදිතව සිටියත් ඔහුගේ හිතේ හයිය අහිමිකරන්න වෙඩි උණ්ඩය අසමත් බව අපට වැටහුණේ ඔහු කළ මේ සුවිශේෂී ප්‍රකාශයක් හේතුවෙන්.
Share This Article