සමාජ මාධ්‍ය ජාලයක පැතිරුණු අසත්‍ය තොරතුරක් නිසා ජීවිතයෙන් සමුගත් තරුණයා
Wednesday, 20 May 2020 - 9:28 | Views - 5,664
තමන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයක අසත්‍ය තොරතුරු පලවීම නිසා තරුණයෙකු සියදිවි හානි කරගනී

සමාජ මාධ්‍ය ජාලයක තමන් පිළිබඳව අසත්‍ය තොරතුරු පලවීමෙන් සිත්තැවුලට පත් යාපනයේ තරුණයෙකු ඊයේ (19) ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබෙනවා.

යාපනයේ චෙම්මනි කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි විසි අට හැවිරිදි  රාජන් දිලීපන් නැමති මෙම තරුණයා සියදිවි හානි කරගෙන ඇත්තේ යාපනයේ නාවක්කුලි පාලම අසල පිහිටි ගසක එල්ලී බව චාවාකච්චේරී පොලීසිය පවසනවා.

ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ තරුණයා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් පලවීමෙන් පසුව මොහුද ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් සකසා කීප දෙනෙකුට එය යවා පසුව සිය දිවි හානි  කරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය තරුණයා යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ  වාහන සදහා දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කරණ මධ්‍යස්ථානයක සේවය කරණ අතර ඔහු එහි සිට පැමිණෙන අතරවාරයේ අතර මගදී මේ අන්දමට සිය දිවි හානි කරගෙන තිබෙනවා.

චාවාකච්චෙරී පොලීසිය විසින් තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top