හදිසි අනතුරකින් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාමා මියගිය පුවත අසා බෑනාද මියගිහින්
Wednesday, 20 May 2020 - 9:07 | Views - 654
රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි මාමාගේ මිය යෑම දරා ගැනීමට නොහැකි වූ ඔහු ළඟ සිටි බෑනාද ළය පැළී මිය යෑමේ සිද්ධියක් ඊයේ (18) නාවලපිටිය රෝහලින් වාර්තා වනවා.
 
මෙසේ මිය ගොස් ඇති දෙදෙනා වූයේ ගිනිගත්හේන සමන්පුර ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි සී.කේ. දියලගොඩ නමැති මාමා හා 35 හැවිරිදි මලිත් ගජනායක නමැති බෑනා යන දෙදෙනා බවයි පැවසෙන්නේ.
 
ගසක් කැපීමට ගොස් සිදුවූ අනතුරක් නිසා මෙම මාමා රෝහල් ගතකර ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර ඔහුගේ ආවතේව කටයුතු සඳහා ඔහුගේ දුව විවාහ කරගත් බෑනාද රෝහලේ සිට ඇත.

මේ අතර ඊයේ අලුයම 3.45ට පමණ මාමා රෝහලේදීම මියගොස් ඇති අතර අලුයම 04ට ඒ බව රෝහල් කාර්ය මණ්ඩලය විසින් බෑනාට දැනුම් දී තිබෙනවා.
 
එය ඇසූ බෑනාට හෘද රෝගයක් වැලඳී ඇති අතර පසුව ඔහුද එහිදීම මියගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.
 
මලිත් ගජනායක වූ මොහුගේ බිරිඳද (මියගිය මාමාගේ දුව) හෙදියක ලෙස මෙම රෝහලේ සේවය කරන අතර මේ අවාසනාවන්ත සිද්ධියෙන් ඇය දැඩි ලෙස කම්පාවට පත්ව ඇත.
 
මොවුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු ඊයේ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණා.
 
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරේන්ද්‍ර කළුගම්පිටිය මහතාගේ උපදෙස් මත රෝහල් පොලිසියේ පො.කො. අබේරත්න (75696) මහතා විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.
 
ගම්පොළ - මාධව බණ්ඩාර - මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top