නාඋල - අඹන වෙල්යායේ දී පුද්ගලයෙකු අභිරහස් ලෙස මියයයි
Wednesday, 20 May 2020 - 9:00 | Views - 576
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන වෙල්යායේ දී අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය කියයි.

පසුගිය දා (18) සවස් කාලයේ දී අඹන වෙල්යායට පැමින ඇති මිය ගිය පුද්ගලයා වෙල්යාය ආසන්නයේ පිහිටි ළිදක් අසල වැටි මියගොස් සිටිය දී ප්‍රදේශවාසින් සිදුකල දැනුම්දීමක දී මෙම මල සිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

නාඋල පොලිසිය සිදුකල විමර්ෂන වලදී අනාවරණය කරගත් කරුණු වලට අනුව මිය ගොස් ඇත්තේ අඹන- වැල්ගාල ලිපිනයේ පදිංචිව සිටි මාරක්කුලි හේරත්ලාගේ ප්‍රේමලාල් කරුණාරත්න නැමැති 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් සදහන්.

නාඋල පොලිසිය අනාවරණය කරගත් මුලික තොරතුරු වලට අනුව මිය ගිය පුද්ගලයා අඹන ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරන්නෙක් වන අතර, ඔහු කුමණ කටයුත්තක් සදහා පසුදින (18) සවස අඹන වෙල්යායට පැමිණියේද යන්න පිළිබද පුලුල් පරික්ෂණයක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ පස්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පි.ජි.කේ.රත්නායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top