නව කොරෝනා ආසාදිතයන් 35 ක් - සියලුදෙනා නාවික හමුදාවේ
Wednesday, 20 May 2020 - 8:05 | Views - 1,351
ආසාදිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලූතින් හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා.
වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ සොයාගත් සියලූදෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 කු කොරෝනා ආසාදිතයින් බවට පත්ව තිබෙනවා.
මෙරටදී කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් අතරින් 569 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වනවිට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, නාවික හමුදාවේ 209 දෙනෙකුද ඒ අතර වනවා.
ආසාදිතයින් 445 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ
Share This Article