අඩපණ වූ සිනමා හා ටෙලිනාට්‍ය වැඩ යළි අරඹන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක්
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මේ වනවිට අකර්මන්‍ය වී ඇති සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්රයන්හි කටයුතු නැවත ඇරඹීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ විසින්.
එම කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේශ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්රමෝපායන් මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇතුලත්.
එම නිවේදනය සහ මාර්ගෝපදේශ සංග්‍රහය පහතින්.



