කොරෝනා-වලින් බේරීමට ට්‍රම්ප් ගන්නා බෙහෙත ගැන හෙළිදරව්වක්
Tuesday, 19 May 2020 - 19:20 | Views - 1,103

කොරෝනා-වලින් බේරීමට තමන් ගන්නා බෙහෙත ගැන ට්‍රම්ප්ගෙන් හෙළිදරව්වක්
කොරෝනා-වලින් බේරීමට තමන් මැලේරියාට දෙන බෙහෙත ගන්නා බව ට්‍රම්ප් කියයි
කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සඳහා තමා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (hydroxychloroquine) ඖෂධය ගන්නා බවට ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කළ හෙළිදරව්ව ක්ෂණික විවේචනවලට තුඩු දී තිබෙනවා.
කතානායක නැන්සි පෙලෝසි ද ඇතුළුව, බොහෝ පිරිසක් පවසා ඇත්තේ “තරබාරු” ජනාධිපතිවරයා තම සෞඛ්‍යය අවදානමට ලක් කරන බවයි.
73 හැවිරිදි ට්‍රම්ප් කියා සිටියේ තමා සති කිහිපයකට පෙර මෙම ඖෂධ ගැනීම ආරම්භ කළ බවයි.
ඔහු මීට පෙර hydroxychloroquine කොරෝනා වෛරස රෝගයට බෙහෙතක් ලෙස ප්‍රකාශ කර තිබුනා.
මැලේරියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම ඖෂධයට කොරෝනා සඳහා භාවිත කිරීම, මාරාන්තික අතුරු ආබාධ රාශියක් ඇති කරන්නක් ලෙසද වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා.
එය කොරෝනාවලට සාර්ථක ප්‍රතිකාරයක් ලෙස මෙතෙක් හඳුනාගෙන නැහැ.
එහෙත් එයින් රෝගයෙන් ආරක්ෂා විය හැකිද යන්න පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කෙරෙමින් පවතින බව සඳහන්.
මෙතෙක් එය ප්‍රයෝජනවත් බවට පැහැදිලි සාක්ෂි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Share This Article