කොරෝනා-වලින් බේරීමට ට්‍රම්ප් ගන්නා බෙහෙත ගැන හෙළිදරව්වක්
Tuesday, 19 May 2020 - 19:20 | Views - 1,104
කොරෝනා-වලින් බේරීමට තමන් ගන්නා බෙහෙත ගැන ට්‍රම්ප්ගෙන් හෙළිදරව්වක්
කොරෝනා-වලින් බේරීමට තමන් මැලේරියාට දෙන බෙහෙත ගන්නා බව ට්‍රම්ප් කියයි

කොරෝනා වෛරසයෙන් බේරී සිටීම සඳහා තමා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (hydroxychloroquine) ඖෂධය ගන්නා බවට ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කළ හෙළිදරව්ව ක්ෂණික විවේචනවලට තුඩු දී තිබෙනවා.

කතානායක නැන්සි පෙලෝසි ද ඇතුළුව, බොහෝ පිරිසක් පවසා ඇත්තේ “තරබාරු” ජනාධිපතිවරයා තම සෞඛ්‍යය අවදානමට ලක් කරන බවයි.

73 හැවිරිදි ට්‍රම්ප් කියා සිටියේ තමා සති කිහිපයකට පෙර මෙම ඖෂධ ගැනීම ආරම්භ කළ බවයි.

ඔහු මීට පෙර hydroxychloroquine කොරෝනා වෛරස රෝගයට බෙහෙතක් ලෙස ප්‍රකාශ කර තිබුනා.

මැලේරියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම ඖෂධයට කොරෝනා සඳහා භාවිත කිරීම, මාරාන්තික අතුරු ආබාධ රාශියක් ඇති කරන්නක් ලෙසද වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා.

එය කොරෝනාවලට සාර්ථක ප්‍රතිකාරයක් ලෙස මෙතෙක් හඳුනාගෙන නැහැ.

එහෙත් එයින් රෝගයෙන් ආරක්ෂා විය හැකිද යන්න පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කෙරෙමින් පවතින බව සඳහන්.

මෙතෙක් එය ප්‍රයෝජනවත් බවට පැහැදිලි සාක්ෂි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top