දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිට රාජකාරී සඳහා කොළඹට එන ජනතාවට ලංගම යෙන් නව බස් සේවාවක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් රාජකාරී සඳහා පිටත්ව යන ජනතාව සඳහා කාර්යාලීය බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නව සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව රටේ සියලුම ප්‍රදේශ වලින් කොළඹ දක්වා රැකියා සඳහා ගමනාගමනයේ යෙදෙන ජනතාවට එම සේවාව ලබාගැනීමට පහසුකම් සපයා ඇත.
මෙම නව සේවය ක්‍රියාත්මක වන්නේ රත්නපුර / කෑගල්ල / හලාවත / හම්බන්තොට / තංගල්ල / මාතර / ගාල්ල / අම්බලංගොඩ / අලුත්ගම / කළුතර යන ප්‍රදේශ සිටයි.
එම සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචිවූ පසු ශ්‍රී ලංගම බස් රථ මගින් ඔබට කොළඹ සහ තදාසන්න නගරයන්න්හී ඔබගේ රැකියා ස්ථානය බලා පැමිණීමට අවස්ථාව හිමිවේ.
එම නව සේවාව සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය බස් රථ මගින්ද අධිවේගී මාර්ගයේ හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේද ලබාගත හැක..
ඒ සඳහා පහත සඳහන් ආදර්ශ ජායාරූපයේ පරිදි ඔබගේ විස්තර Word, PDF ලෙසින් හෝ එසේ එවීමට අපහසුනම් කොළයක අතින් ලියා එය ජායාරූපයක් ලෙසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නිල ෆේස්බුක් පිටුව වන Sri Lanka Transport Board - SLTB (https://www.facebook.com/officialSLTB/ ) වෙත හෝ
[email protected] යන ඊ මේල් ලිපිනය වෙත යොමුකළ යුතුය.