කොරෝනා සමාජයේ පැතිරීම වැළැක්විමට සිවිල් අනුකමිටු පිහිටුවන්නැයි ඉල්ලීමක්
Tuesday, 19 May 2020 - 12:50 | Views - 596

කොරෝනා වෛරසය තවදුරටත් සමාජය තුළ පැතිරීම වැළැක්වීම සදහා ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් සිවිල් අනුකමිටු පිහිටුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක්.
මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 992 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 559ක්. මේ අතර පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධානයට ලක්වෙමින් සිටි 98 දෙනෙකු ද අද නිවෙස් වෙත ගොස් තිබෙනවා.
මේ අතර, කොවිඞ් 19 පාලනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ රට සහ හෙට වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
නිරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ ස්ථානයක් මුද්‍රා තැබීමට හලාවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කර තිබෙනවා.
හලාවත - වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කොණ්ඩා කැපීමේ ස්ථානයකට මෙලෙස මුද්‍රා තබා ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
අදාළ ස්ථානය විවෘත කිරීමට අවසර ලබාදුන් නමුත් එහි රැවුල කැපීමට මෙතෙක් අවසර ලබා දී තිබුණේ නැහැ. සෞඛ්‍ය උපදෙස්වලට බැහැරව යමින් මෙලෙස රැවුල කැපීම සිදුකිරීම හේතුවෙනුයි මෙම කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථානය මුද්‍රා තබා ඇත්තේ.
මේ අතර ලොව පුරා කොරෝනා වසංගතයක් බවට පත්ව ඇති මොහොතක පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය වසංගතයක් නොවන බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දැනට රට තුල පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. දැනට පාකිස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 42,125 දෙනෙකු වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 903ක්.
එමෙන්ම කොරෝන වෛරසයට ගොදුරුවුවන් සඳහා ලබාදෙන හයිඩ්‍රොක්සික්ලෝරෙක්වින් නමැති ඖෂධය ඉකුත් සති දෙකක කාලයක සිට තමන් ද භාවිතා කිරීම ආරම්භ කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
73 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා විසින් මැලේරියා රෝගයට ලබාදෙන මෙම ඖෂධය එරට කොරෝනා ආසාදිතයින්ට ලබාදීමට පියවර ගනු ලැබුවා.
Share This Article