දිස්ත්‍රික්ක හයකට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි
Tuesday, 19 May 2020 - 12:14 | Views - 660
දිවයිනේ නිරිතදිග කොටසේ විශේෂයෙන්ම දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Share This Article