මහ මැතිවරණයේ, ශ්‍රීලනිප ගමන් මඟ හිටපු ජනපති පහදයි
Tuesday, 19 May 2020 - 11:37 | Views - 660
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදුකරන බව නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඊයේ (18) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකශ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණ අතර එය පැය දෙකකට ආසන්න කාලයක් පැවැත් වුණා.
Share This Article