ඇවෙන්ජර්ස් තරු එක්වී කරන්න යන අලුත් වැඩේ
Tuesday, 19 May 2020 - 10:42 | Views - 706
මේ දිනවල හොලිවුඩයේ චිත්‍රපට නිර්මාණ ගැන නම් අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන් හය දෙනෙක් අලුත් වැඩකට එක් වෙලා.

ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක්, හෝකි සහ බ්ලැක් විඩෝ මේ විදියට හමු වන්නේ කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා සෞඛ්‍ය ආයතන වෙත ආධාර ලබාදීම සඳහා වු දිනුම් ඇදීමක් වෙනුවෙන්.

වසර අටක් පුරා කැප්ටන් අමෙරිකා චරිතයට පණ දී එයින් සමු ගත්තද ක්‍රිස් එවන්ස් කැප්ටන් අමෙරිකා ලෙසින් මෙම අවස්ථාවට එක් වීමට නියමිතයි.

ඔහු සමගින් අයන් මෑන් - රොබට් ඩවුනි, හල්ක්- මාර්ක් රෆලෝ, තෝර් - ක්‍රිස් හෙම්ස්වර්ත්, හෝකි - ජෙරමි රේනර් සහ බ්ලැක් විඩෝ - ස්කාලට් ජොහැන්සන් මේ වෙනුවෙන් එක් වී සිටිනවා.

මේ දිනුම් ඇදීමට එක් වීමට ඩොලර් 10ක ආධාරයක් කළ යුතු අතර ජයග්‍රහකයාට මෙම ඇවෙන්ජර්ස් චරිත සමඟින් සම්මුඛ සාකච්ඡාවක් සහ තරඟ සන්ධ්‍යාවක් පිරිනැමීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top