කැනඩාවේ සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිරිනමමින් සිටි සුරූපී මාධ්‍යෙව්දිනියට උඩුගුවනේදි සිදු වූ අනතුර
Tuesday, 19 May 2020 - 9:22 | Views - 1,898
කැනඩාවේ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන කණ්ඩායම් සඳහා උපහාර පිරිනැමීම සඳහා පැවැත්වූ ගුවන් යානා සංදර්ශනයකදී කැනේඩියානු රාජකීය ගුවන් හමුදා ජෙට් යානයක් ගිනි ගෙන කඩාවැටීම නිසා කපිතාන්වරියක මිය ගොස් තවත් ගුවන් නියමුවකු බරපතල තුවාල ලබා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙසේ මියගොස් ඇත්තේ කලක් එරට ප්‍රමුඛතම මාධ්‍යවේදිනියකව සිට පසුව ගුවන් හමුදාවට එක්වූ කපිතාන් ජෙනිෆර් කේසි.
කපිතාන් ජෙනිෆර් කේසි එම හමුදාවේ මහජන සම්බන්ධතා නිලධාරිනියද වුවා.
2014 දී ගුවන් හමුදාවට සම්බන්ධවන තෙක් ඇය විවිධ මාධ්‍ය ආයතන වල විවිධ තනතුරු දැරුවා.
වැන්කුවර් නගරයට කිලෝමීටර් 200 ක් ඈතින් කැම්ලූප්ස් නගරයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ගිනිගත් යානයෙන් නියමුවා එය පොලවට වැටෙන්නට පෙර ආරක්ෂක ක්‍රම මගින් පිටතට පැන ඇති බව සඳහන්.
එහෙත් ජෙනිෆර් හට ඊට අවස්ථාව ලැබී නැහැ.
අදාල ජෙට් යානය නිවසක වත්තක් තුලට කඩා වැටී ඇතත් වෙනත් අයට අනතුරක් සිදුව නැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
Share This Article