ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය රූකඩයක් කරයි
Tuesday, 19 May 2020 - 9:10 | Views - 489

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට පත්ව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ වාර්ෂිකව වැඩිම ආධාර මුදලක් සපයන තම රටට ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස නොසලකන බවයි.
මේ නිසා තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර කිරීම හෝ සහයෝගය ලබාදීම සිදු නොකරන බවද ඔහු දැඩිව අවධාරණය කර තිබෙනවා.
ගත වූ පැය 24 තුළ ඇමරිකාවේ නව මරණ 998ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 91,976 දක්වා ඉහළ ගියා. එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව පහලොස් ලක්ෂ 50,83ක්.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ ලෝක ආර්ථිකය 2021 වසර වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.
මෙම වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3ක හැකිලීමක් පෙන්නුම් කළ ද 2021 වසරේදී එය සියයට 5.8කින් ඉහළ යා හැකි බවයි එහි අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කළේ.
එමෙන්ම ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව, නව ආසාදිතයන් 4642 ක් හඳුනා ගැනීමත් සමඟ ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව හතලිස් අට ලක්ෂ 87,842 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ තුන් ලක්ෂ 19,960ක් ලෙසයි.
Share This Article