වැසි තත්ත්වය තවදුරටත් - ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි
Tuesday, 19 May 2020 - 7:49 | Views - 554
දිවයිනේ විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකියි.
අද (19) දිනයේත් දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර නුවරඑළිය,මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උතුරු සහ උතුරු මැද පළාත්වලටද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
Share This Article