දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ ගින්නට ඇල්ලූ සැකකරු රිමාන්ඩ්
Monday, 18 May 2020 - 16:17 | Views - 485
මාතර - දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ පසුගිය දා හට ගත් ගින්නට අදාළව සැකකරුවෙකු අත්බෝම්බයක් ද සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු දෙයියන්දර - දේවාලේගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු තවත් අපරාධ රැසකට චෝදනා එල්ල වූවෙක්.
ඔහු අද දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුගිය 13 වන දා දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයේ ලේඛනාගාරයේ මෙම ගින්න හට ගත් අතර ගින්නෙන් එහි තිබූ ලියකියවිලි රැසකට ද හානි සිදුවුණා.
Share This Article