අයි. ඕ.සී. තෙල් මිල වැඩි කළත්, සංස්ථා මිල වැඩි නොකරන බව කියයි
Monday, 18 May 2020 - 16:01 | Views - 599
ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමූව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉන්දීය ඔයිල් සමාගම විසින් පෙට්‍රල් මිල වැඩි කිරීමට ගත් තීරණය එම සමාගම විසින් ගන්නා ලද තීරණයක් වන අතර ඊට රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි.
ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇති කරුණු අනුව ලෝක ඉන්ධන මිල අවම මට්ටමක පවතිද්දී, රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.
එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවන කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බවයි අමාත්‍ය මහින්ද අමරවීර නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article