එල්.ටී.ටී.ඊ.යට නැගිටින්න දෙන්නේ නැහැ , හිරු මාධ්‍යට ගහලා වට්ටන්නත් බැහැ
Monday, 18 May 2020 - 15:25 | Views - 2,730
එල්.ටී.ටී.ඊ.යට යළි නැගී සිටීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ "මානුෂිය මෙහෙයුම සහ විජයග්රහණ සැමරුම" යන තේමාව යටතේ අද පෙරවරුවේ විකාශය වූ "හිරු TV රට සහ හෙට" වැඩසටහනට එක්වෙමින්.
විජයග්රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී 'දෙමළ ඊලාම් සයිබර් ආම්' නම් සංවිධානයක් මගින්, මෙරට වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වන, hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම පිලිබඳවද ඔහු එහිදී අදහස් පළ කළා.
එවැනි සයිබර් ප්‍රහාර එල්ල කර හිරු මාධ්‍ය ජාලය වැට්ටවිය නොහැකි බවද ඔහු අවධාරණය කළා.
Share This Article