තම කුඩා පුතු කඩේ යවා අල්ලපු ගෙදර කුඩා පුතුට වසරක් පුරා දෙදරු පියෙක් කළ නරුම වැඩේ
Monday, 18 May 2020 - 15:12 | Views - 875
තම කුඩා පුතු කඩේ යවා අල්ලපු ගෙදර කුඩා පුතුට වසරක් පුරා වරින් වර බරපතළ ලිංගික අපයෝජනයක් කළ 41 හැවිරිදි නරුම පියකු ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටකේදෙණිය ප්රදේශයේ පදිංචි දෙදරු පියකු විසින් මෙසේ දස හැවිරිදි දරුවකු අපයෝජනයට ලක්කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
දරුවා නිවෙසේදී අපහසුතාවන් හා හුදකලාව සිටීමට පුරුදුවීම නිසා මව විසින් කරුණු විමසීමේදී මෙම සිද්ධිය හෙළි වී තිබෙනවා.
ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන 17 වැනි දින ඔහු ගම්පොළ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
Share This Article