නිසි පරිදි දුම්රිය ධාවනය වුවත් ප්‍රමාණවත් මගීන් නෑ
Monday, 18 May 2020 - 14:16 | Views - 525
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් පිට පළාත්වල සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා අද උදෑසන දුම්රිය ගමන් වාර 19 ක් සැළසුම් කර තිබුණද මගී අවශ්‍යතාව මත අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ කලින් ආසන වෙන් කර නොගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සේවා හැඳුනුම්පත හෝ අදාළ සේවා ස්ථානවලින් යොමුකර තිබූ කෙටි පණිවුඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සළසා දුන් බවයි.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ වැඩි සංඛ්‍යාවක් පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ධාවනයට එක් කර තිබූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක දෙකෙහි හැර සෙසු දිස්ත්‍රික්කවල සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ බවයි.
එමෙන්ම පස්වරුවේද එලෙසින්ම පෞද්ගලික බස් රථ ධාවනයට එක් කරන බව ඔහු කියා සිටියා.
Share This Article