අම්පන් බංග්ලාදේශයට ළං වෙයි - නිරිතදිගට තවදුරටත් වැසි
Monday, 18 May 2020 - 14:11 | Views - 737
මේ වනවිට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින අම්පන් සුළි කුණාටුව බංග්ලාදේශ වෙරළබඩ තීරයට ඇතුළු වෙමින් පවතින්නේ යැයි වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
මේ අතර, පසුගිය දිනවල ඇති වූ දැඩි සුළං හේතුවෙන් බිඳ වැටුණු විදුලිය සැපයුම් 50,000ක් යලි යථාතත්ත්වයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම, මඩකලපුව - කාත්තන්කුඩි - නාවලඩි, කර්බලා ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රි මුහුදු රළ ගොඩබිමට පැමිණීමත් සමඟ නවතා තිබූ බෝට්ටු කිහිපයකට හානි සිදුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article