එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු පතල් වළකට වැටී ජීවිතක්ෂයට
Monday, 18 May 2020 - 12:38 | Views - 784
බකමූණ - කන්තලේයාය අතරගල්ලෑව ප්‍රදේශයේදී එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු පතල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රි 7.30 ට පමණ මෙම දැරියන් දෙදෙනා තම නිවස පිටුපස ඇති ජලය පිරී තිබූ පතල් වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ක් සහ 7ක් වන එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.

අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය දැරියන්ගේ මව, මුළුතැන්ගෙයි සිට ඇති අතර, ඔවුන් එම පතල්වලට වැටුණු ආකාරය පිළිබඳ මේ දක්වා තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top