එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු පතල් වළකට වැටී ජීවිතක්ෂයට
Monday, 18 May 2020 - 12:38 | Views - 785
බකමූණ - කන්තලේයාය අතරගල්ලෑව ප්රදේශයේදී එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු පතල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රි 7.30 ට පමණ මෙම දැරියන් දෙදෙනා තම නිවස පිටුපස ඇති ජලය පිරී තිබූ පතල් වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 3ක් සහ 7ක් වන එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙක්.
අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය දැරියන්ගේ මව, මුළුතැන්ගෙයි සිට ඇති අතර, ඔවුන් එම පතල්වලට වැටුණු ආකාරය පිළිබඳ මේ දක්වා තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article