කොරෝනා ගැන කතා කළ ඊශ්‍රායලයේ චීන තානාපති හදිසියේ මිය යයි
Monday, 18 May 2020 - 11:25 | Views - 1,300
ඊශ්‍රායලයේ චීන තානාපති ඩු වෙයි (Du Wel) ටෙල් අවීව් අගනුවර Herzliya පෙදෙසේ පිහිටි ඔහුගේ නිල නිවාසය තුළ ජීවිතක්ෂයට පත්ව සිටියදී ඊයේ උදේ හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් ඔහුගේ මරණය පිළිබඳ සැක කටයුතු කිසිවක් හමුවී නැතැයි ඊශ්‍රායල් බලධාරීහු පෙන්වා දෙනවා. මේ වන විට නිල නිවෙසේ ආරක්ෂාවට එය වටා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පසුගිය සතියේ ඊශ්‍රායලයට පැමිණි ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, කොවිඩ් වසංගතය පිළිබඳව චීනය ප්‍රසිද්ධියේ දැඩි දෝෂදර්ශනයට ලක් කළ අතර චීන සමාගමක් සමඟ එළැඹීමට නියමිතව තිබූ යටිතල පහසුකම් සහ සන්නිවේදන ගිවිසුම් අවලංගු කරන මෙන් ඊශ්‍රායල් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම මරණය පිළිබඳව ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය කිසිවක් ප්‍රකාශ කර නැහැ. 57 හැවිරිදි ඩූ වෙයි ඊශ්‍රායලයේ චීන තානාපති ලෙස රාජකාරි බාරගෙන ඇත්තේත්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පදිංචියට පැමිණ ඇත්තේත් පසුගිය පෙබරවාරි මාසයෙයි.

ඩූ වෙයිගේ මළසිරුර හමුවී ඇත්තේ ඔහුගේ නිල නිවසින් බවත් නිල නිවස ඇත්තේ ටෙල් අවීව් නුවරින් පිටතට වන්නටබවත් සදහන්. ඩූ වෙයිගේ බිරිඳ සහ පුත්‍රයා සිටින්නේ චීනයේයි . ඩූ වෙයි මීට පෙර යුක්රේනයේ චීන තානාපති ලෙස කටයුතු කර තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, චීන පොලිසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට ඊශ්‍රායලය බලා ගොස් ඇතැයි ද වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top