කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට යළි දිවයිනට
Monday, 18 May 2020 - 10:40 | Views - 1,262
කුවේට් හි රැකියා සඳහා ගොස් විවිධ අපහසුතාවලට ලක්වූ 448 දෙනෙකු හෙට යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම පිරිස කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර, කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් ඔවුන් මෙලෙස පැමිණෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔවුන්ගෙන් 65 දෙනෙකු කුවේට් හි රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි අය වනවා.

එසේම 383 දෙනෙකු වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්.

දිවයිනට පැමිණි පසු මෙම පිරිස යුද හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top