මීයන්ට මුඛ ආවරණ පළදවා හොංකොං විශ්වවිද්‍යාලයේ කළ පර්යේෂණ
Monday, 18 May 2020 - 10:19 | Views - 611
මුඛ ආවරණ භාවිතය මගින් කොරෝනා වෛරසය බෝවීම වළක්වාගත හැකි බව නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.
මීයන් විශේෂයක් යොදාගනිමින් හොංකොං විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකදී ඒ බව අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෘත්‍රිමව වෛරසය ආසාදනය කළ මීයන් සහ මුඛ ආවරණ පැළඳි නීරෝගී මීයන් එක් කූඩුවක තබා තවත් කූඩුවක වෛරසය ආසාදිත මීයන් සමඟ මුඛ ආවරණ නොමැති මීයන් තබා අදාළ පර්යේෂණය සිදුකර තිබෙනවා.
එහිදී මුඛ ආවරණ පැළඳ නොසිටි මීයන් තුන්දෙනෙකු අතරින් දෙදෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඒ අනුව මුඛ ආවරණ පැළඳීම තුළින් කොරෝනා වෛරසය රෝගී අයෙකුගෙන් නීරෝගී පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම වළක්වාගැනීමට හැකිවන බව අදාළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.
Share This Article