දෙමළ ඊලාම් සයිබර් ආම් නම් සංවිධානයෙන් හිරුට සයිබර් ප්‍රහාරයක්
Monday, 18 May 2020 - 8:51 | Views - 1,846
විජයග්‍රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඊලාම් සයිබර් ආම් නම් සංවිධානයක් මගින්, මෙරට වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වන, hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද උදෑසන අදාළ සයිබර් ප්‍රහාරය hirunews.lk වෙබ් අඩවිය ඉලක්ක කර එල්ල කර ඇති බවයි ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සඳහන් කළේ.

බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී මැයි 19 වනදා පැවැත්වෙන, 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමේදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ සියලු රණවිරුවන්ට උපහාර පිදීමට නියමිතයි.

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කර, රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීම එහිදී සිදු කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top