'අම්ෆන්' තවදුරටත් ප්‍රචණ්ඩ වෙයි - අද මිලිමීටර් 150ට වැඩි තද වැසි
Monday, 18 May 2020 - 8:26 | Views - 904
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 - 60 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර අද (18) දිනය තුල දකුණ, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරුමැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මෙම අයහපත් කාලගුණයට හේතු වූ 'අම්ෆන්' සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කෙරෙනවා.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (18) පස්වරු දෙක දක්වා නායයෑම් හා පස්කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇඟවීම බලාත්මක බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top