ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 19ක් නාවික හමුදා සාමාජිකයින්
Monday, 18 May 2020 - 8:22 | Views - 709
ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනාගෙන්, 19 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වනවා.
අනෙක් ආසාදිතයින් දෙදෙනා ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ දැනට නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයින් දෙදෙනෙක් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
ඒ අනුව මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 434 ක්.
ඊයේ දිනයේදී තවත් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අද දින යළිත් රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජනතාව සිය දෛනික වැඩ කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.
Share This Article