දකුණු කොරියාවේ යළිත් කොරෝනා ව්‍යාප්ත වෙයි
Sunday, 17 May 2020 - 19:59 | Views - 599
දකුණු කොරියාවේ සමාජ ශාලා සහ අවන්හල් කේන්ද්‍ර කර ගනිමින් නව ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වීම රට තුළ වෛරසය ව්‍යාප්ත වීමේ නව රැල්ලක් විය හැකි බවට අවදානමක් මතුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ කොරෝනා වෛසරය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට දකුණු කොරියාව පසුගිය මැයි 6 වන දා සිට පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව වෛරසය ව්‍යාප්තිය වේගවත්වීමත් සමඟ එම ලිහිල් කිරීම් පිළිබඳ යළි සලකා බැලීමට මෙම නව තත්ත්වය හේතු වී තිබෙනවා.
කාර්යාල, පොදු පහසුකම් සහ ක්‍රීඩා මධ්‍යස්ථාන ද යළි විවෘත කර ඇති අතර, පාසල් ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමටයි දකුණු කොරියානු රජය තීරණය කර ඇත්තේ.
Share This Article