අක්කාගේ හා මස්සිනාගේ රණ්ඩුව බේරීමට ගිය නංගිට පිහි පහරක්
Sunday, 17 May 2020 - 19:58 | Views - 853
යාපනය,කොඩිකාමම්,වෙල්ලාම්පොක්කඩි ප්රදේශයේදී සිය අක්කා හා මස්සිනා අතර ඇතිවු රණ්ඩුවක් බේරීමට ගිය තරුණියකට ඊයේ(16) සවස පිහි පහරක් එල්ලවීමෙන් තුවාල ලබා ඇති බව යාපනය කොඩිකාමම් පොලිසිය පවසනවා.
කොඩිකාමම් පොලිසිය පැවසූවේ අඹු සැමි ආරවුලක් සිදුවු අවස්ථාවේ අදාළ කාන්තාවගේ නැඟණිය ආරවුල විසදීමට මැදිහත්වීමේදී පිහි පහරක් එල්ලවි ඇති බවයි.
පිහි පහර එල්ලවීමෙන් යාපනය,කොඩිකාමම්,වෙල්ලාම්පොක්කනෙයි ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි කන්දසාමි සෂිකලා නමැති තරුණියක් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසි ප්රකාශ කළා.
තුවාලකාරියගේ තත්වය බරපතල නොවන අතර, සිදුවීම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
Share This Article