දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ
Sunday, 17 May 2020 - 19:56 | Views - 590
කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍ය අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස රජය කරනු ලැබූ ඉල්ලීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලීසියේ දිනක වැටුප කප්පාදු කර ඇති බවට තොරතුරු සමාජ ගත කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට, වැඩබලන පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.
Share This Article