නව කොවිඩ් ආසාදිතයින් කිසිවෙක්, අද දිනයේ මේ වනවිට මෙරටින් වාර්තා වී නැහැ - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
Sunday, 17 May 2020 - 19:54 | Views - 544
අද (17) දිනයේ මේ වන විට නව කොවිඩ් 19 ආසාදිතයින් කිසිවෙක් මෙරටින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා.
වෛරසය ආසාදිත රෝගීන් 538ක් අද දිනය වනවිට සුවය ලබා රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.
මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 960ක් වන අතර රෝගීන් 413 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඊයේ (16) දින මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 1081ක් ලෙසයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.
Share This Article