තවත් 18ක් සුව ලබයි - කොරෝනා පොකුරක් ගැන තවදුරටත් අවදානයෙන්
Sunday, 17 May 2020 - 19:53 | Views - 1,661

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 18 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගියා.
එමෙන්ම, දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 960ක්. වෛරසය ආසාදනය වූ 413 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
මේ අතර බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් හත්දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කර අද පිටව ගියා. ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරිවල නියුතු පුද්ගලයින් පිරිසකුයි මෙලෙස නිරෝධායනය අවසන් කරනු ලැබුවේ.
එමෙන්ම, වව්නියාව - පම්පමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 31 දෙනෙකු ද අද නිරෝධායන කටයුතු අවසන් කර පිටත්ව ගියා. මොවුන් නාවලපිටිය හා සෙවනගල ප්‍රදේශවල පදිංචිකරුවන්.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මේ වන විට කොරෝනා ආසාදිතයින් එක් පොකුරකින් පමණක් වාර්තා වන බවයි. වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයින් සහ විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුවී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් ඒ අනුව අවදානය යොමු කර ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ වගකීමෙන් සියයට 50 ක් ජනතාව සතු බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. ඇය මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article