විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 38,000ක්, නැවත පැමිණීමට ඉල්ලයි
Sunday, 17 May 2020 - 19:52 | Views - 1,006
රටවල් 143කින් ශ්‍රී ලාංකිකයන් 38,983 ක් මෙරටට පැමිණීමට ඉල්ලූම් කර ඇති බව විදෙස් සබඳතා අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසෙන් 27,854 දෙනෙකු ශ්‍රමිකයන් වන අතර තවත් 3078 දෙනෙකු සිසුන් බවයි.

එමෙන්ම, තවත් 4400ක් කෙටි කාලීන වීසා මත විදේශගතවූවන් වන අතර, තවත් 3527ක් විදේශගතවූවන්ගේ යැපෙන්නන් බව ද එහි සඳහන්.

ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කරුණු මත විදේශගතවූවන් 484 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

පසුගිය අප්‍රේල් මස 21 වන දා සිට මේ දක්වා කාලය තුළ 3600ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් වැඩි පිරිසක් සිසුන් සහ රාජ්‍ය නිලධාරීන් වනවා.

අමාත්‍යාංශය හඳුන්වා දුන් කන්ටැට් ශ්‍රී ලංකා වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් 78,000ක් පමණ මේ වන විට ලියාපදිංචි වී ඇති බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළා.    
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top