පොලිස් ලොක්කෙක්ගෙන් පාස්කු කොමිසමට විශේෂ හෙළිදරව්වක්
Sunday, 17 May 2020 - 19:49 | Views - 486

පාස්කු ප්‍රහාරයට ආසන්න දිනකදී කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි පුපුරුවා හැරීමේ සිද්ධිය යම් අපරාධයක පෙරහුරුවක් බව එවක පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යාංශයේ උසස් නිලධාරියෙකු එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර සිටම පොලිස්පතිවරයාට කරුණු වාර්තා කර තිබූ බවයි.
ජනාධිපති කොමිසම එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ ද යන්නයි. ඒ පිළිබදව තමන් දැනුවත්ව නොසිටි බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.
ප්‍රහාරයට පෙර තොරතුරු ලැබුණේ නම් එය වළක්වා ගත හැකිව තිබුණේ දැයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදී කාන්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හැරීමේ සිද්ධිය ගැන ඔහු කරුණු අනාවරණ කළා.
පසුගිය වසරේ අප්‍රේල් මස 17 වන දා කාන්තන්කුඩි ප්‍රදේශයේ ඉඩමක යතුරුපැදියක් පුපුරුවා හැර ඇති බවට අදාළ ඉඩමේ හිමිකරු පැමිණිලි කර තිබූ බව ද එම සාක්ෂිකරු කියා සිටියා.
අස්ථානගත වූ හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් එම යතුරුපැදිය මිලදී ගෙන තිබුණේ සහරාන් කල්ලිය විසින් බවත්, අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සියළු කරුණු සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශය පසුගිය වසරේ අප්‍රේල් මස 19 වන දා දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කිරීමට පියවර ගත් බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.
නමුත් පොලිස්පතිවරයා ඒ පිළිබදව ප්‍රතිචාර දැක්වූයේ පාස්කු ප්‍රහාරය සිදුවූ පසුගිය අප්‍රේල් මස 21 වන දායි. මීට අමතරව කාන්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් පැවැත්වූ අන්තවාදී දේශන සහ ඇති වූ විවිධ ගැටුම් සම්බන්ධයෙන් ද අවස්ථා රැසකදී පූජිත් ජයසුන්දර දැනුවත් කළ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේ.
Share This Article