නීති විරෝධීව ප්රවාහනය කළ තේක්ක දැව තොගයක් වනාතවිල්ලුවේදී පොලිස් භාරයට
Sunday, 17 May 2020 - 14:40 | Views - 621
බල පත්ර රහිතව නීති විරෝධී ලෙස ප්රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් සමඟ ඒවා ප්රවාහනයට යොදාගත් ලොරි රථයක් සිය භාරයට ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබෙනවා.
වනාතවිල්ලුව, විජයපුර ප්රදේශයේ පිහිටි පුද්ගලික ඉඩම්වල තිබූ මෙම තේක්ක දැව තොගය බල පත්ර රහිතව නීති විරෝධි ලෙස ප්රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වැටලීම සදහා පොලිසිය ක්රියාත්මක වූ අවස්ථාවේ ලොරි රථය අධික වේගයෙන් ධාවනයේ යොදවා පොලිස් ජීප් රථය ද අනතුරට ලක් කිරීමට තැත් කර තිබෙනවා.
කෙසේ වෙතත් පොලිසිය ලොරි රථය පසුපස ලුහුබැද ගොස් ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු සහ එහි සහායක එය දමා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් සොයා විමර්ශණ ආරම්භ කර ඇති අතර ඔවුන් පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවන් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්නයි.
Share This Article