නීති විරෝධීව ප්‍රවාහනය කළ තේක්ක දැව තොගයක් වනාතවිල්ලුවේදී පොලිස් භාරයට
Sunday, 17 May 2020 - 14:40 | Views - 622
බල පත්‍ර රහිතව නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් සමඟ ඒවා ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් සිය භාරයට ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබෙනවා.

වනාතවිල්ලුව, විජයපුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩම්වල තිබූ මෙම තේක්ක දැව තොගය බල පත්‍ර රහිතව නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැටලීම සදහා පොලිසිය ක්‍රියාත්මක වූ අවස්ථාවේ ලොරි රථය අධික වේගයෙන් ධාවනයේ යොදවා පොලිස් ජීප් රථය ද අනතුරට ලක් කිරීමට තැත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය ලොරි රථය පසුපස ලුහුබැද ගොස් ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු සහ එහි සහායක එය දමා පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සොයා විමර්ශණ ආරම්භ කර ඇති අතර ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්නයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top