අම්ෆන් ප්‍රචන්ඩ වෙමින් ඉන්දියාවට ළං වෙයි - හෙට සිට වැසි වැඩිවන ලකුණු - මුහුදු ගමන් තවදුරටත් අවදානම්
Sunday, 17 May 2020 - 13:33 | Views - 2,475
ඊයේ දිනයට සාපේක්ෂව වැසි තත්වයේ අඩුවක් දක්නට ලැබුණද, හෙට දිනයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අම්ෆන් නමින් නම්කර ඇති මෙම සුළි කුණාටුව හෙට උදෑසන වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යැයි අපේක්ෂා කරන අතර, පසුව එය බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

මේ නිසා බටහිර බෙංගාල සහ ඔඞීෂා වෙරළ තීරයෙන් යාත්‍රා සහ ධීවරයන් ඉවත් කරගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අම්ෆන් සුළි කුණාටුවේ බලපෑමෙන් ශ්‍රී ලංකාව වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළුවීමේ හැකියාවක්ද පවතිනවා.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 2 ට නිකුත් කළ නායයාම් හා පස්කන්ඩි කඩා වැටීම් පිළිබද අනතුරු ඇගවීම් අද පස්වරු 2 දක්වා බලපැවැත්වෙනු ඇති.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 5,000ක පමණ විදුලි සැපයුම ඇණහිටි අතර, එම තත්ත්වය අද දිනය තුළ යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top