2050 දී ජලයෙන් යටවන පුරවරයක් ගැන අනාවැකි
Sunday, 17 May 2020 - 13:09 | Views - 1,965
ලෝක කාලගුණ වෙනසේ බලපෑමෙන් සාගර ජල මට්ටම ඉහළ යාම නිසා වසර 2050 දී වියට්නාමයේ හෝ - චිමින් පුරවරය ජලයෙන් යටවීමේ අවදානම දස ගුණයකින් ඉහළ යා හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.  

ජාත්‍යන්තර උපදේශක ආයතනයක් මගින් සිදුකර  ඇති එම අධ්‍යයනයට අනුව එහි ප්‍රතිවිපාක අවම කරලීම සඳහා නගර සැළසුම් සකස් කළ යුතු අතර, විනාශකාරී ජල ගැල්මකදී නගරයට දැවැන්ත ආර්ථික හානියක් සිදුවිය හැකියි.

දැන් සිදුවිය හැකි මට්ටමේ ජල ගැල්මකදී වසර 30 කට පසු සිදුවිය හැකි හානිය තුන් ගුණයක් විය හැකි බවයි එම අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත්තේ.

වියට්නාමයේ හෝ-චිමින් පුරවරයේ නව උමං දුම්රිය පද්ධතියක් මෙන්ම බලාගාර, අපජල සැකසුම් මධ්‍යස්ථානයක් සහ නව ගුවන් තොටුපලක් ඇතුලූ දැවැන්ත ව්‍යාපෘති රැසක් දැන් ඉදිවෙමින් පවතිනවා.

එම ඉදිකිරීම්ද මහා ජල ගැල්මකදී අවදානමට ලක්විය හැකි බව අදාළ අධ්‍යයනය මගින් පෙන්වා දෙනවා.

ලෝක කාලගුණ වෙනස පාලනය කිරීමට නොහැකිවීම නිසා සාගර ජල මට්ටම මෙම සියවස අවසානයේ සෙන්ටිමීටර 180 කින් පමණ ඉහළ ගියහොත් හෝ - චිමින් පුරවරයේ තුනෙන් දෙකක් ජලයෙන් යටවිය හැකි බවයි මැකින්සි ගෝලීය ආයතනය මගින් සිදුකළ එම අධ්‍යයනය මගින් අනාවරණ වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top